ඩෙංගු මරුවා යළිත් හිස ඔසවන ලකුණු.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් සිදුව ඇති බවයි.

මෙම වසරේ 36 වන සතිය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 55,012 දෙනෙකු වාර්තා වී ඇති බවයි ඔවුන්  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම  පසුගිය වසරේ මේ වන විට වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 18,265ක් පමණ වන බව ද එම නිවේදනයේ දැක්වේ.

Exit mobile version