ඩෙංගු යළි හිස ඔසවයි

ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැළකීම සඳහා පනවා ඇති නීතිරීති යළි යාවත්කාලීන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙරටින් නොවැම්බර් මාසය අවසන් වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 25,910ක් වන බවත් ඩෙංගු වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 19ක් බවත් සඳහන් වේ.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ  අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට, ඩෙංගු වැළැක්වීමේ සහ පාලනය කිරීමේ ක්‍රියාකලාපයන් ස්ථිරව පවත්වාගෙන යාම සඳහා සෑම ආයතනයකම ඊට වෙන් වූ නිලධාරියෙකු නම් කිරීමට ද අනුමැතිය ලැබි ඇත.

Exit mobile version