ඩෙංගු රෝගීන් 15,000 ඉක්මවයි

මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ දී ඩෙංගු රෝගීන් 15,874දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එම රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 47.4%ක් ලෙස දැක්වේ.

එමෙන් ම පසුගිය වසරේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 31,162ක් වාර්තා වී ඇත.

මේ වන විට රට තුළ පවත්නා වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම තවදුරටත් ඉහළ යා හැකි බැවින් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ නිවෙස් අවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කර පිරිසිදුව තබා ගන්නා ලෙසයි.

Exit mobile version