“ඩෙල්ටා ප්ලස්” අවදානම

ආචාර්ය සංජය ෆර්නෑන්ඩු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් මෙසේ ප්‍රකාශ කර ඇත,

ඩෙල්ටා ප්‍රභේදයේ අන්තරාව ගැන මම මාර්තු මාසයේ දී අනතුරු ඇඟවීය.එය ශ්‍රී ලංකාවට නොඑන බව බලධාරීහු පැවසුවා.අප්‍රේල් මාසෙ මීඩියා මගෙන් වොයිස් කට් එකක් අරන් කිව්වා ඩෙල්ටා ලංකාවේ පැතිරෙනවා කියලා.ඒත් බලධාරීන් පැවසුවේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින රෝගීන් 03 දෙනෙකු පමණක් බවයි.

බලධාරීන් අවම වශයෙන් Delta Plus තර්ජනය ගැන කල්පනාකාරි වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.වශයෙන් ඔහු විසින් සටහන තබා තිබුණි.එයින් ගම්‍යවන්නේ මේ වන විටත් ඔවුන් ඩෙල්ටා ප්ලස් නව ප්‍රභේදය පිළිබඳව අධ්‍යනය කරන බවයි.ඒ අනුව අචාර්ය සංජය ෆර්නෑන්ඩු විසින් මෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය පිළිබඳව ද කෙටි සටහනක් තබා තිබුණි.

“AY.4.2 ලෙස හැඳින්වෙන, ඩෙල්ටා ප්ලස්උප ප්‍රභේදයට වෛරසය ශරීරයට ඇතුළු වීමට ඉඩ සලසන ස්පයික් ප්‍රෝටීන්, A222V සහ Y145H වෙත නව විකෘති දෙකක් ඇතුළත් වේ.

AY.4.2 උප ප්‍රභේදය එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දුනීසියාව තුළ අනාවරණය වි ඇත.දේශසීමා විවෘත කිරීමත් සමඟ රටවල් පූර්වාරක්ෂාව නොගතහොත් ඉදිරි මාස 03 ඇතුළත මෙය ඩෙල්ටාව මෙන් පැතිර යනු ඇත.DELTA PLUS ඩෙල්ටාවට වඩා 10% – 15% බෝවෙන සුළුය.”

අචාර්ය සංජය ෆර්නෑන්ඩු ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව කල්තියා අනතුරු ඇඟවූවා සේමා  මේ වන  විට ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය පිළිබඳව ද අනතුරු අඟවා ඇත.

වගකිව යුතු බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කිරිම තුළින් මහා විනාශයක් වළක්වා ගැනිමේ හැකියාව ඇත.

Exit mobile version