ඩොලර් මිලියන ගණනක පොහොර වංචාවේ වස්ත්‍ර ලිහිල් වේ.නම් ගම් ඇතිව සියල්ල එළියට. (වීඩියෝ)

යූරියා පොහොර වංචාවේ සියල්ල ශ්‍රී ලංකා ගල්ෆ් වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති මොහාන් පෙරේරා විසින් හෙළිදරව්වක් සිදු කර ඇත.ඒ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති සාකච්ඡාවකදී ය.

ඒ අනුව ඔහු හෙළි කළ පරිදි මෙවර ශ්‍රී ලංකාවේ මහ කන්නය සඳහා වන යූරියා පොහොර මිලදී ගැනීමේ ටෙන්ඩරය ශ්‍රී ලංකාවේ රජයට විශාල වංචාවක් සිදුකර ඇති බවයි.

එම වංචාව රුපියල් කෝටි 690ක් ලෙස දැක්වේ.කෝටි ගණනක වංචාවක් සිදු කරමින් රටේ ගොවීන් මහ මගට බසින තුරු පොහොර ටෙන්ඩර් ප්‍රමාද කරමින් සමස්ත ගොවි ජනතාව මෙන්ම රජය ද අපහසුතාවයට පත් කිරීමට මෙම වංචාකරුවන් කටයුතු කරයි.

ඔවුන් ඔවුන්ට අවශ්‍ය පරිදි ටෙන්ඩර් ප්‍රතිපත්තිද වෙනස් කරමින් කටයුතු කරන බව වාර්තා වේ.කෘෂිකර්ම අමාත්‍යවරයා සතුව හෝ නොමැති බලයක් ඔහු යටතේ සිටින මේ හෙන්චයියන්ට පැමිණියේ කොහෙන් ද යන්න  ගැටලුවක්ව ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් වන මහේෂ් ගම්මන්පිල නමැත්තා විසින් මෙම කටයුතු මෙහෙයවනු ලබන බව මෙහිදී සෘජුවම අනාවරණය වී ඇත.

චීනයෙන් මෙරටට ගෙන්වන ලද අසූචි නැව පිටුපස ද මෙම පුද්ගලයින් සිටින බව ඔහු ස්ථිර වශයෙන් ප්‍රකාශ කරයි.ඩොලර් මිලියන 6.7ක් නිකරුනේ ගෙවන ලද මෙම අසූචි තොගය ගෙන්වීමේ මහ මොලකරුවන්ද මොවුන් බව මෙහිදී හෙළි වී ඇත.

කෙසේ නමුත් මෙම සත්‍ය නම් ගම් ඇතිව මේ වන විට හෙළිදරව් කර ඇති හෙයින් මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගැනීමේ වගකීම පාලක පන්තියේ ඉහළ නිලධාරීන් සතුව ඇත.

රට මෙතරම් ආර්ථික මට්ටමින් පහතට වැටී ඇති කාලයක තවත් එය ආගාදයට ඇද දමමින් මෙවැනි වංචනික ක්‍රියා සිදු කිරීම කෙතරම් ලජ්ජා සහගතද යන්න අමුතුවෙන් කිව යුතු නැත.මෙම හෙළිදරව් කිරීම තුළ සිටින පුද්ගලයින් පිළිබඳ වහාම ගතයුතු පියවර ගෙන මෙවැනි වංචාවන් ඉදිරියේ දී සිදු වීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතුය.

Exit mobile version