ඩොලර් 139ට නැග්ග තෙල් බැරලය 99ට බහී! ලංකාවෙත් තෙල් මිල අඩු වෙයිද?

රුසියානු යුක්රේන සටන් ආරම්භවීමත් සමග ශීඝ‍්‍රයෙන් ඉහළ ගිය බොරතෙල් මිල යළිත් පහත වැටී ඇති බව වාර්තා වේ.

පසුගිය සතිය තුළ දී බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 139 දක්වා ඉහළ ගොස් තිබුණි.

ඒ මොහොතේ, විශ්ලේෂකයන් අනතුරු හගවා සිටියේ බොරතෙල් බැලරයක මිල ඇමරිකානු ඩොලර් 185 දක්වා ඉහළ යා හැකි බවයි.නමුත් ඒ අනුමානය නිවැරදි වී නැත.

ඊට ප‍්‍රතිපක්ෂව මේ වන විට නැවතත් ලෝක වෙළද පොලේ බොරතෙල් මිල පහත වැටීමට පටන්ගෙන තිබේ.

ඒ අනුව, ඊයේ දිනය වන විට බොරතෙල් බැලරයක මිල ඇමරිකානු ඩොලර් 99.5 ක මට්ටමක පැවතුණි.

රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වීමත් සමග, තෙල් නිෂ්පාදනය ඉහළ දමන ලෙස එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ සවුදි අරාබියෙන් ඉල්ලා සිටියේ ය.

ඊට එකගව එම රටවල් තෙල් නිෂ්පාදනය ඉහළ දැමීම සහ එක්සත් ජනපදය ඔවුන් සතු ඉන්ධන සංචිත වෙළද පොළට නිකුත් කිරීම මෙසේ මිල පහත වැටීමට හේතුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version