ණයෙන් ණය ගෙවන්න හදන “මුතු ඇටේ පළා” දඬු කඳේ ගැසීමට සියල්ල සූදානම්.

මේ වන විට ශ්‍රී ලංකාව ගෙවීමට තිබෙන ණය ගෙවා දැමීමට නොහැකි තත්වයක තිබියදී, චීනයේ ණය ගෙවීමට තවත් ණය මුදලක් ලබා දීමට යෝජනා කර තිබෙන බව නව කැබිනට් ප්‍රකාශක ආචාර්‍ය නාලක ගොඩ හේවා අද ප්‍රකාශ කරන ලදී.

කැබිනට් තීරණ දැනුම් දීම සදහා අද (26) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ සදහන් කල අතර ඒ පිලිබදව මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වීමට නියමිත බවද සදහන් කරන ලදී.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ඒ මහතා සදහන් කලේ ලෝකය පුරාම ඔවුන් ණය ලබා දී තිබෙන නිසා ශ්‍රී ලංකාවට පමණක් එසේ ණය ප්‍රතිව්‍යුහ ගත කල නොහැකි බැවින් එසේ සිදු කිරීමට නියමිත බව ප්‍රකාශ කරන ලදී.

Exit mobile version