ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයේ සහය.

චීනය විසින්  නිල වශයෙන් දැනුම් දී ඇත්තේ  ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සිය සහාය ලබාදෙන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීරණ මුල්‍ය පහසුකම ලබාගැනීමට ඇතිව තිබූ ප්‍රධාන බාධකය ඉවත්වන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය විසින් සඳහන් කල වාර්තාවල වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශවික ණයහිමියා වන චීන රජය  එරට අපනයන හා ආනයන බැංකුව හරහා ඒ බව දැනුම් දී ඇති බවයි.

Exit mobile version