තනිව නිවස තුළ ජීවත්ව සිටි කටුගස්තොට පොලිස් වසමේ උගුරැස්සපිටිය ප්‍රදේශයේ කාන්තාවක් ගෙල සිර කර ඝාතනය කර ඇත.
ඊයේ (16) දහවල් කාලයේ දී මෙම ඝාතනය සිදුකර ඇති අතර එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 76 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාවගේ අතපය බැඳ මුඛයට රෙදි කැබැල්ලක් ඔබා තිබී ඇති අතර , ඇය පැලඳ සිටි රු.32,500ක් වටිනා රන් මාලය ද සොරකම් කරගෙන ගොස් ඇති බවයි.
මේ වන තෙක් එම ඝාතනයට හේතුව අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
