මීට වසර අටකට තරම් කාලයකට ඉහතදී තම මවගේ ගෙල සිර කර ඝාතනය කරා යැයි සැකපිට කටුනායක යුද හමුදා කදවුරක සෙබළකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
2015 ජුනි මස 05 වනදින කැබිතිගොල්ලෑව අයිතිගේවැව ප්‍රදේශයේ පිහිටි මෙම කාන්තාවගේ නිවසේදී ඝාතනය සිදුව ඇති බවයි සදහන් වන්නේ.
මියගොස් තිබු කාන්තාව වයස අවුරුදු 52ක් වන දරුවන් සිවු දෙනකුගේ මවක් වන අතර ඇයගේ තුන්වන දරුවා විසින් මෙම කාන්තාව ඝාතනය කර ඇති බව පොලීසිය සොයා ගෙන තිබේ.
සැකකරුගේ පියා පොලිස් සේවයේ සිට මියගොස් ඇති අතර ඔහුගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් මව සමග නිතර නිතර බහින් බස්වී වී ඇති බවත් මව මියගිය දිනයේද මුදල් ඉල්ලා ඇයට පහර දී ඇති බවත් මුදල් නොදීම හේතුව මත සැකකරු විසින් මවගේ ගෙල සිර කර ඝාතනය කර ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.
සැකකරු යුද හමුදාවට බැදී ඇත්තේ මවමිය යාමෙන් පසුව බවද වාර්තා වේ.
මෙම පුද්ගලයා හෙට (27) දින කැබිතිගොල්ලෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සදහන් වේ.
