ශ්‍රී ලංකාව තුල තරබාරු හා බර වැඩි පුද්ගලයින්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනතුරු ඇගවීමක් සිදු කරන ලදි.
එම අමාත්‍යංශයේ රෝග බෝ නොවන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුනවර්ධන මහත්මිය පවසන්නේ බර වැඩිවීම මගින් බෝ නොවන රෝග ඇති වීමේ අවධානමක් පවතින බවය.
දැනුවත් වෙමු ස්ථුලතාවයෙන් මිදෙමු” යන තේමාව යටතේ ලබන 04 වනදාට යෙදෙන ගෝලීය ස්ථුලතාවය වැළැක්වීමේ දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය එම අදහස් පළ කළාය.
“2015 දී 22.5%ක් වෙලා තිබුණා බර වැඩි සහ තරබාරු ගණයේ පුද්ගලයින් සංඛ්‍යාව පුරුෂයින් අතර. මේ ප්‍රමාණය 2021 සමීක්ෂණයට අනුව 30%ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ එක්කම කාන්තාවන් අතර 2015 දී 34%ක් බර වැඩි සහ තරබාරු ගණයට වැටුණා. 2021 වනවිට 48%ක් වෙලා තියෙනවා බර වැඩි සහ තරබාරු ගණයට වැටෙන සංඛ්‍යාව. පරිභෝජනය කරන ප්‍රමාණය අපි වැයකරන ප්‍රමාණය ට වඩා වැඩිනම් ඒ වැඩි ප්‍රමාණය අපේ ශරීරයේ තැන්පත් වෙනවා තෙල් විදියට. ඒක තමා බර වැඩිවීමට බලපාන්නේ. මේය පසුකාලීනව බෝ නොවන රෝග ඇතිවීමේ අවධානම ඇති කරනවා. “
