කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවකට සහබාගි වු දරුවන් රැගත් බස් රථ අනතුරින් මේ වන විට 7 දෙනෙකු මිය ගොස් තිබේ.
නානු ඔය රදැල්ල බැවුම් ප්‍රදෙශයේදී දරුවන් රැගත් බස් රථය වෑන් රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මෙම අනතුරින් වෑන් රථයේ පැමිණි පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් තිබේ. 51 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කර තිබේ.
බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම මෙයට හේතුව වියහැකි බවට සැකකරන අතර වේගයෙන් පැමිණි බස් රථය වෑන් රථයේ ගැටී විසි වී ගොස් පසු පසින් පැමිණි ත්‍රී රෝද රථයක්ද ගැටී මීටර් 200 ක් පමණ වන ප්‍රපාතයකට පෙරලි තිබේ.
