රාජ්‍ය පරිපාලනයේ වැරදි නොහොත් මෙරට විකුණමින් ජන ජීවිතය විනාශ කිරීම නිසා ජනාධිපති ඇතුළු රජයට ඉවත් වන ලෙස බලපෑම් කරමින් ආරම්භ කල ස්ථීර අරගලයට අදට (28) දින 50 ක් සම්පූර්ණ වී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති වීමෙන් පසුව එම අරගලයේ දියාරු වීමක් සිදු වුවත් මේ වන විට එය නැවතත් ප්‍රතිසංවිධානය වෙමින් පවතී. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමත් සමගම රට පුරා නැවත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වීමට නියමිතව තිබේ. එසේම ලබන මස 04 වැනි දින දැවැන්ත ජනතාවක් කොළඹට පැමිණීමට සංවිධානය වෙමින් සිටි. එසේම දේශපාලන පක්ෂ වලින් තොරව ඉදිරි උද්ඝෝෂණ කටයුතු සිදුවීමට සැලසුම් කර තිබීමද විශේෂත්වකි.
දේශපාලන අධිකාරියට මෙන්ම උසස් රාජ්‍ය නිලධාරීන්ට ද මේ වන තෙක්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරි දැක්මක් නිර්මාණය කර ගැනීමට හෝ නොහැකිව තිබෙන අතර ඔවුන් තවමත් එකිනෙකාට චෝදනා කරමින් සිටි.
එවැනි වාතාවරණයක් තුල ශ්‍රී ලාංකික වැසියන් දිනෙන් දින කුපිත වෙමින් සිටින්නේ වගකිව යුතු පාර්ශ්වයන් තවමත් කල යුතු දේවල් සිදු නොකිරීමයි.
