තරුණ තරුණියන්ට අගමැතිගෙන් ඇරයුමක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටේ තරුණ පරපුරෙන් නව ව්‍යාපාරික අදහස් අැතිව රටේ ආර්ථිකය ගොඩනගා ශක්තිමත් කිරීමට එක්වන ලෙසට ඇරයුම් කරයි.

ඒ 2022 වර්ෂය සඳහා නව ව්‍යාපාරික ලියාපදංචි ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බව අගමැතිතුමන් අද (23) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් සඳහන් කර.

රටේ අනාගතය ගොඩනැංවීම සඳහා ගතයුතු තීරණ ගතයුතු බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට එම හැකියාව පවතින බවත් අග්‍රාමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version