තරුණ තරුණියන්ට ලිංගික අධ්‍යාපනය ලබා දී ම වැදගත් – වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරන්නේ පසුගිය වසර 05 තුළ දී වයස අවුරුදු 15 – 24 වයස් කාණ්ඩයේ තරුණ තරුණියන් අතරින් බහුල වශයෙන් HIV ආසාදනය වූවන් වාර්තා වී ඇති බවයි.

මේ හේතුවෙන් තරුණ තරුණියන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දීම ඉතාම වැදගත්වන බවයි එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ HIV  ආසාදිත බවට පුද්ගලයින් 3,700ක් ඇස්තමේන්තු ගත කර ඇති බවත් , ආසාදිතයින්ගෙන් ප්‍රතිකාර ලබාගන්නේ 60%ක පමණ ප්‍රමාණයක් බවත් ඉතිරි 40% කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව සමාජය තුළ සැරිසරන බවත් ඇය මෙහි දී පෙන්වා දී ඇත.

එමෙන් ම අනාරක්ෂිත ලිංගික හැසිරීම් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් හටගෙන ඇති බවත් මෙනිසා තරුණ තරුණියන් මේ පිළිබඳ නිසි ලෙස දැනුවත් කිරීමට ඔවුන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දීය යුතු බවත් වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version