තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් එක්කර ඇති බවයි.

ඊයේ (06) දින එම දේවස්ථානයේ දේව මංගල්‍යය ආරම්භ කෙරුණ අතර එය අද (07) දිනයේදී ද පැවැත්වේ.

අදාළ විශේෂ දුම්රිය සේවාව අද (07) ප.ව.01.10ට කොළඹ – කොටුවෙන් පිටත් වීමට නියමිත අතර පාලාවි සිට කොළඹ කොටුව දක්වා ප.ව.02.55ට සහ ප.ව.06.15 යන කාල පරිච්ඡේදයන්හි දී මෙම දුම්රිය ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Exit mobile version