ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු අංගනයේ සේවක ගැටලු විසඳීම සඳහා කොමිසමක් පත් කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
අද (24) පෙරවරුවේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු අංගනයේ නිරීක්ෂණය යෙදුණු අවස්ථාවේ දී ජනපති විසින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව පවත්නා සේවක බඳවා ගැනීම, සම්පත් කළමනාකරණය කරගැනීම ඇතුළු සියලු ගැටලු සැලකිල්ලට ගෙන මාස දෙකක කාලයක් ඇතුළත ඒවාට විසඳුම් ලබාදෙන ලෙසට ජනපති උපදෙස් දී ඇත.
