තවත් කොවිඩ් මරණ 10ක්

ඊයේ (01) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 10ක් තහවුරු කර ඇත.

ඒ අනුව ඊයේ දිනයේ දී වාර්තා වූ මරණ 10 ද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,770ක් ලෙස ඉහළ ගොස් ඇත.

මියගිය පුද්ගලයින් අතර 05 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 05 දෙනා කාන්තාවන් වේ.

Exit mobile version