තවත් කොවිඩ් මරණ 55ක්

ඊයේ (01) දිනයේ දී සිදු වී ඇති කොවිඩ් මරණ 55ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තා වි ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,019ක් ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් මරණ 13,000 සීමාව ඉක්මවා ගොස් ඇත.

ඊයේ දිනයේ වාර්තා වී ඇති කොවිඩ් මරණ 55න් 38 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 17 දෙනා කාන්තාවන් බව වාර්තා වී ඇත.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් 38 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 15 දෙනෙකු සහ 30ට අඩු කාන්තාවන් දෙදෙනෙක්ද වේ.

Exit mobile version