තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් ඊයේ (30) දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් රැගත් නෞකාවක් මෙසේ පැමිණ ඇති බවත් එම පෙට්‍රල් තොගයේ සාම්පල් පරීක්ෂාවෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ ගොඩබෑම ආරම්භ කරන ලද බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.