තවත් මළ සිරුරක් මුහුදු වෙරළෙන් මතුවෙයි.

තවත් නාඳුනන පුද්ගල මළ සිරුරක් මුහුදු වෙරළේ තිබී සොයාගෙන ඇත.

ඊයේ (27) පස්වරුවේ මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ කළුතර උතුර කොට්ටම්බගහවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබියදී බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම මියගිය පුද්ගලයා වයස අවුරුදු 35 – 40 ත් අතර වයසේ පසුවන්නෙක් බවට සැක කෙරෙන අතර උස අඩි 05 අගල් 06 පමණ වේ.

කළුතර පොලිසිය විසින් මෙය ඝාතනයක් ද සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

Exit mobile version