මිද්දෙනිය සතොස්මාතාගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක් වන පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇත.
ඊයේ (01) රාත්‍රියේ යතුරු පැදියකින් සිය බිරිඳ සමග ඥාති නිවසකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.
පොලිසිය ප්‍රකාශ කළේ තුවාල ලැබූ පුද්ගලයා තලාව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවත් මෙම වෙඩි තැබීම නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකර ඇති බවත් ය.
සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මිද්දෙණිය පොලිසිය විසින් සිදුකරන අතර ඝාතනයට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැත.