තවත් සුපිරි ක්‍රීඩකයෙක් අනතුරකට පත්වෙයි.

අද (30) උදෑසන සිදු වූ රිය අනතුරකින් ඉන්දීය කඩුලු රකින ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

නවදිල්ලි බලා ගමන් කරමින් සිටියදී රූර්කි නම් ප්‍රෙද්ශයේ දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේ.

අනතුරට පත් වීමෙන් පසු ඔහු ගමන් ගත් මෝටර් රථය ගිනි ගෙන ඇති බවත් අනතුරින් බරපතල තුවාල ලබා සිටි රිෂාබ් මේ වන විට ප්ලාස්ටික් සැත්කමකට භාජනය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් වාර්තා වී ඇත්තේ ඔහුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

Exit mobile version