තහනම් වල් නාශක තොගයක් විශේෂ කාර්ය බලකාය විසින් වටලයි

අගුණුකොළපැලැස්ස පොලිස් වසමේ, අගුණුකොළපැලැස්ස නගරයේ කරන ලද වැටලීමකින් වෙළඳසැලක් තුළ තහනම් වල් නාශක ගබඩා කර තිබිය දී සොයාගෙන ඇත.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (14) දිනයේ දී අදාළ වැටලීම සිදු කර ඇති අතර එහි දී වයස අවුරුදු 58ක් වන පුද්ගලයෙක් සහ වයස අවුරුදු 53ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

අලෙවිය සඳහා වෙළඳසැල තුළ ගබඩාකර තිබූ තහනම් වල් නාශකයක් වන ග්ලයිෆෝසේට් ග්‍රෑම් 100 පැකට් 125ක් එහිදී සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු හම්බන්තොට පරිපාලන සංකිර්ණය විසිනු සිදුකරන බවයි වාර්තා වන්නේ.

Exit mobile version