ත්‍ර්‍රී රෝද රථ හිමියෙක් කුඩු සමග මාට්ටු.

ත්‍රී රෝද රථ ගණනාවක් සොරකම් කළ පොලීසියට අවශ්‍යව තිබූ සැකකරුවෙකු නුගේගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.

එම සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 5 යි මිලිග්රෑම් 560 ක් ද සොයා ගත් බව කියයි. එමෙන්ම ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු විසින් සොරා ගත් ත්‍රී රෝද රථ 05 ක් සොයා ගැනීමට හැකි වූ බව ද වාර්තා වෙයි.

සැකකරු අද ( 23) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මිරිහාන පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වේ .

Exit mobile version