13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයට එරෙහිව ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය විරෝධතා පා ගමනක් ආරම්භ කරන අතරතුර තවත් හිමිවරු කිහිප දෙනෙකු උතුරු පළාත් ආණ්ඩුකාර තැන හමු වී ප්‍රකාශ කර තිබුනේ 13 ටත් වැඩියෙන් බලතල ලබා දිය යුතු බවයි.
විරෝධතා පා ගමනට පෙර 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට එරෙහිව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පැරකුම්බා පිරිවෙනේදී සංඝ සම්මේලනයක් ද පැවැත්විණි.
විරෝධතා පාගමන පාර්ලිමේන්තු පාරේ පොල්දූව මංසන්ධියට පැමිණි අවස්ථාවේදී භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසට ඉදිරියට යාමට පොලිසිය දිගින් දිගටම බාධා කරන බව වීඩියෝ දර්ශන වල දක්නට තිබේ.
කෙසේ නමුත් භික්ෂුන් වහන්සේලාට බාධා කිරීමෙන් සමස්ථ ලංකාවේම සිටින භික්ෂුන් වහන්සේලා එකතු වීමට ඉඩ තිබෙන අතර මහජනතාවද උන්වහන්සේලා පසුපස යනු ඇත.
