මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාස 06 කාලයක් සඳහා නිකුත් කරන ලද තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.
එම කාලය දීර්ඝ කර ගැනීමේ කටයුතු වේරහැර කාර්යාලයට හෝ තම පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ගොස් සිදුකර ගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
විදෙස්ගත වන නව බලපත්‍ර ලාභීන්ට පමණක් දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ඇණවු්ම් කර ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් 450,000ක් ඉදිරි සති කිහිපය තුළ මෙරටට හිමි වීමට නියමිත බවයි.
