තැපැල් වෘත්තීය සමිති යළි වර්ජනයේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් ලබන සදුදා (10) පස්වරුවේ සිට ලබන 12 වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා යළි සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ .

නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීම, අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම වර්ජනය සිදු කිරීමට තීරණය කර තිබේ .

මේ සම්බන්ධයෙන් විෂයභාර රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සමඟ පසුගියදා පැවති සාකච්ඡාවේ දී තැපැල් වෘත්තීය සමිති සාකච්ඡාවක නිරත වූ බව වාර්තා වේ .

Exit mobile version