ඊයේ (10) රාත්‍රියේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල ඕබ්න් ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි අයෙකි.
පහර දීමෙන් අනතුරුව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ .
ඝාතනය සිදු කළ පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු දෙහිවල පොලීසිය විසින් සිදු කරනු ලබයි.