2030 වසර වන විට මෙරටට අවශ්‍ය පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 70ක විදුලි උත්පාදනයක් සිදු කිරීම අපේක්ෂාව බවට මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.
තායිලන්තයේ පැවති ආසියා සහ පැසිපික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) සංසදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.මෙම සංසදය මගින් තිරසර සංවර්ධන අභියෝගවලට විසදුම් සෙවීම සදහා යෝජනා විමසීම සිදු කරනු ලබයි.
