තිරිසනුන්ටත් අන්ත වූ මනු සතා…

සුනඛයින්ට වස මිශ්‍ර ආහාර ලබා දී ඝාතනය කිරීමේ සංවේදී පුවතක් ගලේවෙල, පට්ටිවෙල අක්කර 80 ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

ගලේවෙල පොලිසිය සඳහන් කළේ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

එම ප්‍රදේශවාසීන් පිරිසකගෙන් ඊයේ (09) දිනයේ දී ගලේවෙල පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් අදාළ පරීක්ෂණ සිදු කර ඇත.

එම ප්‍රදේශවාසීන් සඳහන් කළේ සුනඛයින් 06 දෙනෙකුගේ පමණ මළ සිරුරු තැන තැන තිබී හමු වූ බවයි.

ප්‍රදේශවාසීන් සිදු කළ පැමිණිලිවල වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ කුකුළු ගොවිපොළක් පවත්වාගෙන යන අයෙකු විසින් මෙම ක්‍රියාව සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන බවයි.

කෙසේ නමුත් සංවේදීම කරුණ වන්නේ මෙසේ මියගිය සුනඛයින් අතර පැටව් ලැබීමට ගැබ්බරව සිටි සුනඛ ධේනුවක් මෙන්ම පැටව් සිටින සුනඛ මවක් ද සිටීමයි.

රාවණා සටහන.

ඊයේ දින වැනි පුර පොහෝ දිනකත් මෙවැනි පාපතර සිදුවීමක් බෞද්ධ රටක් වන මෙරටින්  වාර්තා වීම ඉතාමත් කණගාටුවට කරුණකි.

ජීවිතයක වටිනාකමක් නොදත් තිරිසන් මිනිසුන් වෙසෙන සමාජයක් තුළ තිරිසනෙකු වී හෝ ඉපදීමම පවකි.

Exit mobile version