පසුගිය දිනක අම්පාර – තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ දී පොලිස් සැරයන්වරයෙකුගේ වෙඩි පහරින් ඝාතනයට පත් පොලිස් නිලධාරීන් සිව් දෙනාගේ ප්ශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ඥාතීන් වෙත භාර දී ඇත.
වෙඩි තැබිම් සිදුකළ පොලිස් සැරයන්වරයා ප්‍රකාශ කර ඇත්තේ සිය මෑණිය දැකීමට නිවසට යාම සඳහා නිවාඩු ඉල්ලුම් කළ අවස්ථාවේ නිවාඩු ලබා නොදීම නිසා මෙම වෙඩි තැබීම සිදුකළ බවටයි.
කෙසේ නමුත් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඔහු අවසන් වරට දින 07ක කාලයක් නිවාඩු ලබාගෙන ඇති බවත් සෑම මසකම නිවාඩු ලබාගෙන ඇති බවත් අනාවරණය වී ඇති බවයි.
මෙනිසා මෙම සැරයන්වරයා විසින් වෙඩි තැබීමට හේතුව ලෙස පවසන මෙම නිවාඩු ලබා නොදීම පිළිබඳ ප්‍රකාශයේ සත්‍යතාව පිළිබඳ තවදුරටත් විමර්ශන සිදු කරන බව වාර්තා වේ.