තිලීපන් සැමරුමට අධිකරණයෙන් තහනම් නියෝගයක්.

තිලීපන් සැමරුම් උත්සවය තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

අදාළ නියෝගයේ දැක්වෙන්නේ අද (26) ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ කූල කොට්ටන් ශාලාව, ගාන්ධි වට රවුම හා ත්‍රිකුණාමලය පොලිස් වසම තුළ තිලීපන් සැමරුම් උත්සවයක්, උද්ඝෝෂණයක්, පෙළපාළියක් හෝ විරෝධතාවයක් නොකරන ලෙසටයි.

ත්‍රිකුණාමලය දෙමළ සංසදයේ සභාපති ආර් එෆ් ජෙරම්, ත්‍රිකුණාමලය දෙමළ ජාතික සංසදයේ කමිටු සාමාජික රමේෂ් නිකලස්, මුතූර් ආබාධිත සංසදයේ සභාපති සුහිර්ද ප්‍රියා, ත්‍රිකුණාමලය ජනතා පෙරමුණේ තරුණ සංගමයේ සභාපති ක්‍රිෂ්ණ පිල්ලේ ශ්‍රී ප්‍රසාත්, මුතූර් මහවිරු කමිටුවේ සභාපති කන්දයියා කාන්දීපන් නොහොත් පම්පරසන්, කාර්තික් කල්කිරියන් හා ඔවුන් විසින් පෙනී සිටින නියෝජිතයින් වෙත මෙලෙස අධිකරණ ආඥාවක් නිකුත් කර ඇති බව සදහන්.
 
ත්‍රිකුණාමලය වරාය පොලීසිය අධිකරණය වෙත කළ දැනුම්දීමකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

Exit mobile version