තිස්සගෙන් ආණ්ඩුවට කනේ පහරක්. (වීඩියෝ)

තෙල් අර්බුදය හමුවේ රජයේ ක්‍රියාකලාපය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්‌ස අත්තනායක මහතා විසින් දැඩි අප්‍රසාදයක් ඵල කර ඇත.

ඔහු පෙන්වා දෙන්නේ රජය තෙල් අර්බුදයට විසඳුම් වශයෙන් සිදු කර අත්තේ තෙල් පෝලිම් පාලනය කිරීම පමනක් බවයි.

තෙල් හිඟය පියවීමට කටයුතු කරනවා වෙනුවට ඔවුන් මේ සිදු කරන වැඩපිළිවෙළ තුළින් තෙල් පෝලිම් පාලනය වුවද එය තාවකාලික විසඳුමක් පමනක් වන අතර අද වන විට යළිත් රටේ තෙල් පෝලිම් දක්නට ලැබෙන බව ඔහු පෙන්වා දී ඇත.

ලක්ෂ 11 ක් පමණ වන ත්‍රීරෝද රථ රියදුරන් සිය ජීවනෝපාය වශයෙන් සිදු කරන මෙම රැකියාවට පවා අද මේ තෙල් අර්බුදය බාධාවක් වී ඇත.

ඔවුන්ට සතියක් සදහා හිමිවන තෙල් ලීටර් 5 ඔවුන්ගේ රැකියාව සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ඇහුම්කන් දෙමින් ඉන්ධන ලීටර් 10 ක් හෝ ඔවුනට ලබා දීමට පියවර ගත යුතු බවත් තිස්ස අත්තනායක මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Exit mobile version