තමන්ගේ ආණ්ඩුවක් කාලයේදී කෘෂිකර්ම නවීකරණය කරනවා කියන ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායකට ඔහු චන්ද්‍රිකා කුමාරතුංග රජයේ කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යවරයා වී සිටිබව අමතකවී ඇතිබව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. තිස්ස අත්තනායක මහතා මේ බවපැවසූවේ ඊයේ සන්ධ්‍යාවේ කොට්ටේ ආසනයේ ජනසභාව වැඩසටහනට සහභාගී වෙමින්. මෙම අවස්ථාව සදහා ආචාර්‍ය හර්ශද සිල්වා මහතාද සහභාගී වී සිටියා .
දූෂණ විරෝධී පනත , රට බංකොලොත් කිරීම පිළිබදව සොයාබලන කමිටුව, ආර්ථික ප්‍රශ්න , මැතිවරණය ඇතුලු කාරනා පිළිබදව අදහස් දැක්වූහ .
අදහස් දක්වමින්
“මට හරිම පුදුමයි ජනතාව කියන කාරනා දෙකක් ආණ්ඩුව මග අරමින් ඉන්නවා.”
” ආණ්ඩුව දූෂණ විරෝධී පනත මග අරිනවා.”
” ජනතාව පාරට බැහැලා කියපු එකක් තමයි හොරකම්කරපුවා අල්ලන්න කියලා “
” මේ ගෙනාපු දූෂණ විරෝධී පනතේ ඒවා නෑ .”
” ආණ්ඩුවේ අය කියන්නේ විවිද කතා.”
” විජේදාස කියනවා ඒවා ඕනේ නෑ අනාගතය ගැන බලමු කියලා .”
” අපි යෝජනා කලා ……. කාරනය දාන්න කියලා “
” රට බංකොලොත් කලේ කව්ද කියලා හොයන්න ඕන.”
“මේක ගැන හොයන්න ජනාධිපති විමර්ශන කොමිසමක් දාන්න කිව්වා.”
“ඒක ගැන කතානැතිව ඉදලා පාර්ලිමේන්තුවේ රට හිනස්සන වැඩක් කලා.”
” පොහොට්ටුවේ වැරදි ගැන හොයන්න පාර්ලිමේන්තුව නිලවශයෙන් සාගර කාරියවසම් දැම්මා.”
” ඒකේ ඉන්න ඔක්කොම හොරු.”
” හරියට මේක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ එකක්.”
” රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යන්නේ රාජපක්ෂලා බේරගන්න නෙවෙයි.”
” මිනිස්සු ඔරොත්තු නොදෙන මට්ටමින් බර පටවලා ඉවරයි.”
” ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා 53% තුන්වේල කන්නේ නෑ කියලා.”
” අපි මේ රට ගොඩගන්න බ්ලූ ප්‍රින්ට් කියල යෝජනාවක් කලා.”
” ජනතා විමුක්ති පෙරමුනේ නායකයා පුදුම කතාවක් කියනවා.”
” එතුමාගේ ආණ්ඩුවෙන් කෘෂිකර්මය නවීකරණය කරනවා කියලා.”
” එතුමාට අමතකවෙලා චන්ද්‍රිකා කුමාරතුංග කාලේ එතුමා කෘෂිකර්ම පශු සම්පත් ඇමති කියලා.”
” ඒ කාලේ ඒවා කරන්න තිබුනනේ.”
” බොරු කියලා ඡන්දය දිනන්න හදන්නේ.”
” සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් රට ගොඩනගනවා.”
” අපි ඊලග මැතිවරණය ජයග්‍රහණය කරන්න ඕන.”
” පළාත් පාලන මැතිවරණය දිනාගන්න ඕන.”
” පුද්ගලික කෙටුම්පතක් මගින් පළාත් පාලන මැතිවරණය කල්දාන්නහදන එක ලැජ්ජා සහගතයි.”
” ආණ්ඩුවේ වර්තමාන නායකයින් මැතිවරණය තියන්න බයයි.”
” බන්දුල ගුනවර්ධන ට රනිල්ට ඕන කාලෙක නෙවෙයි මැතිවරණය තියන්න ඕන.”
