තිළිණිගේ නඩුව ජුනි මස 5 සහ 6 දිනවල විභාගයට

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින් තිළිණි ප්‍රියමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති චෙක්පත් වංචාවක් සම්බන්ධ නඩුව ලබන ජූනි මස 5 සහ 6 යන දිනවල දී  විභාගයට ගන්නා බව  අද (28) නියම කර ඇති බව වාර්තාවේ.

වසා ඇති ගිණුමකින් රුපියල් ලක්ෂ 80ක වටිනාකමින් යුත් චෙක් පතක් ලබාදෙමින් තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සමිත අනුරුද්ධ යන අය හට  වංචා කිරීම සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර තිබූ නඩුවක් අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝග ලබාදුන් බවයි සදහන් වන්නේ.

එහිදී  තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පවසා ඇත්තේ මෙම නඩුව  සමතයකට සූදානම් බවත් ඒ සඳහා මාස දෙකහමාරක පමණ කාලයක් තමන්ට ලබා දෙන ලෙසත්ය. අධිකරණයෙන් ඉල්ලීමක් කලද පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විසින්  අධිකරණයට කියා සිටියේ සමථයක් සම්බන්ධයෙන් මේ වන විට කිසිදු එකඟතාවයකට පැමිණ නොමැති බවයි.

Exit mobile version