ඊයේ (24) පස්වරුවේ වයස අවුරුදු 03 හැවිරිදි දැරියකගේ මතට නිවසේ ගේට්ටුව කඩාවැටීමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.
දොඩම්ගස්ලන්ද, තෙලඹුගල්ල ප්‍රදේශයේ අදාළ අනතුර සිදුව ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොහොමඩ් ඉර්ෂාඩ් මරියම් නමැති දැරියකි.
මෙම දැරිය සිය ඥාති සොයුරෙක් සමග ඊයේ පසුවරුවේ ගේට්ටුව අසල සෙල්ලම් කරමින් සිටිය දී අදාළ අනතුර සිදුව ඇති අතර දරුවන් දෙදෙනා ගේට්ටුවේ එල්ලී ඇති බවයි ඥාතියෙකු සඳහන් කළේ.
එහි දී දරුවන් දෙදෙනාම ගේට්ටුව කඩාවැටී ඊට යටව ඇති අතර බරපතල තුවාල ලැබූ දැරිය රෝහල්ගතකරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත.
අනෙක් දරුවාද බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
