මැඩගස්කරයේ ක්‍රීඩා උළෙලක සමාරම්භක අවස්ථාවකදී සිදුවූ තෙරපීමකින් 13 දෙනෙකු මියගොස් 108 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඇන්ටනානාරිවෝ අගනුවර පැවති මෙම ක්‍රීඩා උළෙලට 50,000 කට ආසන්න පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.
මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට මෙම අවස්ථාවට එක්ව සිටි රතු කුරුස සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ප්‍රකාශ කර තිබේ.
සෑම වසර හතරකටම වරක් පැවැත්වෙන ඉන්දීය සාගර දූපත් ක්‍රීඩා උළෙළේ සමාරම්භක අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති අතර, බහුවිධ ක්‍රීඩාවලින් සමන්විත මෙය ලබන මස 3 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව සදහන්.















































