තෙල් සංස්ථාවට බෝනස් අහිමි වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙවර කිසිදු සේවකයෙකු හට අප්‍රේල් මස වෙනුවෙන් බෝනස් ලබා නොදුන් බවට නිවේදනයක් මගින් වාර්තා කර තිබේ.

වෙනත් වසරවල බෝනස් වලට අමතරව අත්තිකාරම් මුදලක් ලබා දුන් නමුත් මෙම වසරේදී ලිඛිත ඉල්ලීමක් කර ඇති වැටුප් රහිත නිවාඩු ලබා නොගත් සේවකයන්ට පමණක් උත්සව අත්තිකාරම් ණය මුදල ලබා දී තිබේ.

එම මුදල රුපියල් 30000ක් වන අතර එම අත්තිකාරම් ණය මුදල මාස 10කදී පොළිය සමග මාසික වැටුපෙන් අයකරගන්නා ගිවිසුමකට අනුව ලබාදුන් බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කර තිබේ.

Exit mobile version