එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබා දිමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශය ලබා දී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ උපදේශක කමිටුව විසින් පවසා ඇත්තේ චීනයේ නිෂ්පාදිත කොවිඩ් මර්දන එන්නත් වන සයිනොෆාම් සහ සිනොවැක් වැනි එන්නත් ලැබූවන්ට විශේෂයෙන් තෙවන මාත්‍රාවක් ලෙස ෆයිසර් හෝ මොඩර්නා එන්නතක් ලබා දීය යුතු බවයි.
එමෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත්තේ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබා දීය යුතු බව වන අතර ඊට හේතුව එන්නත්කරණය ලැබූව ද ඩෙල්ටා වැනි ප්‍රභේදයන් ට ගොදුර වීමට ඇති හැකියාවයි.