තෛපොංගල් දිනය අදයි

හින්දු භක්තිකයින් විසින් උත්සවශ්‍රියෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී ඇත.

තෛපොංගල් යන්නෙහි අරුත “අස්වනු නෙළීමේ උත්සවය” යන්නයි.

ඒ අනුව හින්දු භක්තිකයින් විසින් කෘෂිකර්මයෙන් ඔවුන් පළමුව ලබා ගන්නා ලද අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරු වීමට කෘතගුණ දැක්වීම සිදුකරනු ලබයි.

ලොව පුරා දමිළ ජනතාවගේ ආගමික, සමාජිය හා ස්සකෘතික බැඳීම් මෙම තෛපොංගල් උත්සවය හරහා විදහාපාන බව හින්දු ආගමික නායකයින් පවසා ඇත.

අද දිනයේ තෛපොංගල් උත්සව සමරන ශ්‍රී ලංකාවාසී මෙන්න ලෝවාසී සියලුම හින්දු ජනතාවට රාවණා අපගේ ද සුභපැතුම්.

Exit mobile version