තොටළඟ ගින්නෙන් නිවාස 80ක් විනාශයි.200කට අධික පිරිසක් අවතැන්.

තොටළඟ, කජීමාවත්ත නිවාස සංකීර්ණයේ ඊයේ (27) රාත්‍රියේ හටගත් ගින්නෙන් නිවාස 80කට හානි සිදුව පුද්ගලයින් 220 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අවතැන් පිරිස මේ වන විට තාවකාලිකව කැලණිනදී විහාරස්ථානයේ සහ මුවදොර උයන ප්‍රජා ශාලාවේ නවතා ඇත.

ඊයේ (27) රාත්‍රී 08.00 පමණ හටගත් මෙම ගින්න ගිනි නිවන රථ 12ක් සහ ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව පාලනය කර ගැනීමට හැකියාව ලැබිණ.

කෙසේ නමුත් මේ වන විට ජපාන නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇත්තේ ගින්නෙන් අවතැන් වූවන්ට අවශ්‍ය සහන කඩිනමින් සලසන ලෙසයි.

විශේෂයෙන් මෙම තත්ත්වය හමුවේ දැඩි අපහසුතාවයට පත් මව්වරුන්, කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳව සොයා බලන ලෙස ද ජනපති විසින් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

Exit mobile version