උතුරු කොරියාව විසින් එරට නැගෙනහිර සහ බටහිර වෙරළ තීරයන්හි විවිධ මාදිලියන්ට අයත් අධිබලැති මිසයිල 10ක් එකවර අත්හදා බැලීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එසේ අත්හදා බැලූ මිසයිල අතරින් කෙටි දුර විහිදුම් මිසයිලයක් දකුණු කොරියානු ජාත්‍යන්තර මුහුදු සීමාවට පතිත වී ඇති අතර එරට ප්‍රදේශ කිහිපයක ගුවන් ආරක්ෂක නාලා ක්‍රියාත්මක වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කොරියානු අර්ධද්වීපය උතුරු සහ දකුණු ලෙස වෙන් වීමෙන් පසු උතුරු කොරියාව විසින් දියත් කළ මිසයිලයක් දකුණු කොරියානු පරිපාලන ප්‍රදේශයට පතිත වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
