චීනයේ ග්වන්ඩොන් පළාතට ප්‍රබල සුළි කුනාටුවක් කඩා වැදී ඇති බව වාර්තා වේ.
තාලිම් නැමැති එම සුළි කුනාටුව පැයට කිලෝමීටර් 140ක වේගයකින් දකුණු දිග චීනයට කඩා වැදී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් පුද්ගලයින් 230,000ක පමණ පිරිසක් ආරක්ෂිතව ඉවත් කර ඇති අතර ගුවන් ගමන් සහ දුම්රිය ගමන් අවලංගු කර ඇති බව සදහන්.
චීන කාලගුණ විද්‍යා බලධාරීන් ප්‍රකාශ කළේ අද (18) උදෑසන වන විට එම සුළි කුනාටුව වේගය අඩුවී වියට්නාමය වෙත ගමන් කර ඇති බවයි