දරුවකු  ළිදකට වැටී මිය යයි

වයස අවුරුදු 12 ක් වන පිරිමි දරුවකු අනාරක්ෂිත ළිදකට වැටී මියගිය පුවතක් සෙට්ටිකුලම් නෙරියකුලම් ප්‍රදේශයෙන් වාර්තාවේ.

දරුවාගේ පියා විසින් දරුවා නිවසේ නොසිටීම හේතුවෙන් සොයා බැලීමේදී  දරුවා නිවස අසල තිබු අනාරක්ෂිත ළිදකට වැටී සිටි ඇති බව  දැක ඇති බව වාර්තා වේ.

පසුව දරුවා සෙට්ටිකුලම රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් දරුවා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිදුවීම පිලිබදව විමර්ශන සෙට්ටිකුලම පොලිසිය සිදුකරනු ලබයි.

Exit mobile version