දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් තවම රජයෙන් කිසිවක් කරලා නෑ – ඇමති බන්දුල කියයි.

අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුමේ දීමේ රැස්වීමේදී ශ්‍රී රාවණා ලංකා පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු ඉදිරිපත් කල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කලේ සුඛිත සමාජයක් බිහි කිරීම සඳහා රජයේ අවධානය යොමුව නැති බවයි.

මෙහිදී ඉදිරිපත් වූ ප්‍රශ්නය වුයේ පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ගෙන් 9 වසරේ සිට ඉහලට දරුවන් කාමුක චිත්‍රපටි බැලීමට ඇබ්බැහි වෙමින් තිබෙන බවත් ඒ සඳහා වට්ස් ඇප් සහ ටෙලිග්‍රෑම් හරහා විවිධ සමූහයන් භාවිතාවන බවද දරුවන් ඒවායින් බේරාගෙන යහපත් පරපුරක් නිර්මාණය කිරීම සදහා රජයෙන් අරගෙන තිබෙන ක්‍රියාමර්ග මොනවාද යන්නයි. එයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කලේ ඒ පිලිබඳව රජයෙන් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද, අධ්‍යාපන අමාත්‍යංශය මගින් එම කරුණු සිදුවිය යුතු බවය. එහිදී පෙරලා පිළිතුරු දෙමින් මාධ්‍යවේදියා සඳහන් කලේ මීට පෙර එවැනි සිද්ධි වාර්තාකලද ඒවාට නිසි අවධානයක් අධ්‍යාපන අමාත්‍යාංශය තුලින් ක්‍රියාත්මකව නොමැති බවයි.

ඊට අමතරව ළමා අපචාර සහ ළමා හිංසනයන් පිලිබඳව නීතිය නිසි ලෙස ක්‍රියත්මක නොවන බවද දරුවන්ගේ ප්‍රශ්නවලට පැමිණිලිකල විට නීතිය ක්‍රියාත්මක කරන සියලුම ආයතන දරුවාට එරෙහිව ක්‍රියාත්මක වන බවද ඒ පිලිබඳව රජයේ ස්ථාවරය විමසන ලදී. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශකලේ ඒ සදහා ළමා ආරක්ෂක අධිකාරිය ක්‍රියාත්මක වන බවත් එයින් අවශ්‍ය දේවල් සිදු නොවන්නේනම් රජයට ඒ පිලිබඳව දැනුම් දෙන ලෙසයි. එම ආයතනයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග සිදුනොවන බවද මාධ්‍යවේදියා ප්‍රකාශ කරන ලදී.

එසේම තේ කර්මාන්තය තුල මේ වනවිට පවතින දැඩි ගැටළුවලට රජයෙන් ගෙන ඇති ක්‍රියාමර්ග මොනවාද යන්න ඉදිරිපත්කල ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, තේ කර්මාන්තය වෙනුවෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැති නමුත් රබර් කර්මාන්තය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ගනනාවක් පැහැදිලි කරන ලදී. එසේම තේ කර්මාන්තය පිලිබඳව තිබෙන ප්‍රශ්න සියල්ලම වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වෙත යොමු කරන ලෙස කාරුණික ඉල්ලීමක්ද කරන ලදී.

Exit mobile version