දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමට නිර්දේශ කෙරේ

බෝවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුව විසින් වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී ළමුන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා වන නිර්දේශය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව එම කමිටුවේ සමාජික,කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිෂ්චන්ද්‍ර මහතා සඳහන් කළේ ඉදිරි සති දෙක ඇතුළත දී වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට ක්‍රමානුකූල වැඩපිළිවෙළක් යටතේ එන්නත්කරණය සිදුකරන බවයි.

Exit mobile version