ඊයේ (05) උදෑසන කාලයේදී කැබිතිගොල්ලෑව, කණුගහවැව ප්‍රදේශයේ මවක් තම දරුවන් දෙදෙනා සමග ළිඳකට පැන දිවි නසා ගැනීමට උත්සහ කිරීමේ පුවතක් වාර්තා වි තිබේ.
මෙලෙස මව විසින් ළිඳට දැමූ පිරිමි දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් පිරිමි දරුවා ආබාධිත දදරුවකු බවත් අනෙක් දරුවා ගොලු දරුවකු බවත් වාර්තාවේ.
මව විසින් ළිඳට දැමූ වැඩිමහල් 21 හැවිරිදි ආබාධිත පිරිමි දරුවා මිය ගොස් ඇති බවත් අනෙක් දරුවා හා මව ළිඳ තුළ ගලක එල්ලී දගලමින් සිටියදී ගොඩට ගෙන කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරු කර යවා ඇති බව වර්ථාඅ වේ.
මියගිය දරුවාගේ මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තැන්පත් කර ඇති බව සදහන් වේ.
මෙම සිදුවීම සම්බන්දව වැඩිදුර විමර්ශන කැබිතිගොල්ලෑව පොලීසිය සිදුකරයි.
