දින දෙකකට තෙල් පෝලිමේ මරණ 3 ක්.

ඌරගස්මංහන්දිය, මීගහතැන්න සහ කින්නියා යන ප්‍රදේශවල තුබූ ඉන්ධන පෝලිම් වලදී තිදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (22) ඌරගස්මංහන්දිය  ඉන්ධන පෝලිමකදී රෝගාතුර වූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර අද (23) මීගහතැන්න සහ කින්නියා යන ප්‍රදේශවලින් ඉන්ධන පෝලිම් ආශ්‍රිතව මරණ දෙකක් වාර්තා විය. 

මීගහතැන්න, පැලවත්ත ප්‍රදේශයේදී ඉන්ධන පෝලිමකදී ඇද වැටී මියගොස් තිබුණේ,  වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක් වන අතර  පැලවත්ත ඉන්ධන පිරවුම් හල අසල ඇති වූ තෙරපීමක් නිසා අදාළ පුද්ගලයා සිහිසුන්ව ඇද වැටීමෙන් අනතුරුව  අදාළ පුද්ගලයා මීගහතැන්න ප්‍රදේශිය රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබේ.

මේ අතර  ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේදි ඉන්ධන පෝලිමකින් ද  පුද්ගල මරණයක් මරණයක් වාර්තා වන අතර  59 හැවිරිදි අදාළ  පුද්ගලයා ද මියගොස් තිබුණේ හදිසියේ ඇද වැටීමෙනි.  ඔහු දින 02 ක පමණ සිට සිය යතුරු පැදියට තෙල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිට තිබෙන බව වාර්තා වේ.

Exit mobile version