දින පහක දීර්ඝ නිවාඩුවකින් පසු හෙට සිට බැංකු වැඩ.

දින පහක දීර්ඝ නිවාඩුවකින් පසුව බැංකු සහ කොටස් වෙළඳපොළ සාමාන්‍ය පරිදි හෙට (04) සිට විවෘත කර ඇති බව වාර්තා වේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා බැංකු ඉකුත් බ්‍රහස්පතින්දා (29) සිට අද (03)දක්වා වසා තිබුණි.

බැංකු වසා තැබීමට සමගාමීව කොළඹ කොටස් වෙළඳපොළද දින පහක් තිස්සේ වසා තැබූ බව සදහන්.

හෙට සිට සාමාන්‍ය පරිදි රට පුරා සියලු බැංකු ශාඛා විවෘත වන අතර ගණුදෙනුකරුවන්ට ඒවායේ සේවය ලබා ගත හැකිය.

Exit mobile version